කොවිඩ් සුවවුණු අයට මානසික රෝග

කොවිඩ් 19 වෛරස් අසාදනයෙන් දිවි ගලවා ගත් අය මානසික ආබාධවලට ගොදුරු වීමේ වැඩි අවදානමක් ඇති බවට ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ, මනෝචිකිත්සක දෙපාර්තමේන්තුවේ සහ National Institute for Health Research(NIHR) ඔක්ස්ෆර්ඩ් සෞඛ්‍ය ජෛව වෛද්‍ය පර්යේෂණ මධ්‍යස්ථානයේ පර්යේෂකයෝ වාර්තා කරති. කොවිඩ් 19 වෛරසය ආසාදනය වන පුද්ගලයන් 20%කට ම දින 90 ක් තුළ මානසික රෝග තත්ත්වයකට ගොදුරු වීමේ අවදානමක් ඇතැයි එම පර්යේෂකයෝ පවසති.

බ්‍රිතාන්‍යයේ ඔක්ස්ෆර්ඩ් සරසවියේ මානසික රෝග විශේෂඥයන් පිරිසක් කළ මෙම අධ්‍යනය අනුව පෙන්වා දෙන්නේ මෙම පුද්ගලයන් මානසික ආතතිය, නින්ද නොයාම ආදී රෝග තත්ත්වයන්ට ගොදුරුවීමේ වැඩි අවදානමක් ඇති බවයි.

මේ නිසා ලොව පුරා සිටින වෛද්‍යවරුන් සහ විද්‍යාඥයින් කොවිඩ් 19 වෛරසය ආසාදනය වීමෙන් පසු එම රෝගය සුව වූ පුද්ගලයන් මානසික රෝගවලට ගොදුරු වීමට හේතු සහ ප්‍රතිකාර ක්‍රමවේද විමසිය යුතුබව එම පර්යේෂකයෝ පවසති.

ද ලැන්සෙට් මනෝචිකිත්සා ආයතනයේදී ප්‍රකාශයට පත් කරන ලද මෙම අධ්‍යයනයට ඇමරිකා එක්සත් ජනපදයේ මිලියන 69 ක ජනතාවකගේ සෞඛ්‍ය වාර්තා භාවිතා කර ඇති අතර කොවිඩ් -19 රෝගීන් 62,000 කට අධික සංඛ්‍යාවකගේ තොරතුරුද ඊට ඇතුළත් කර තිබේ.

– Lanka web –

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here