මෙරට කොවිඩ් මරණ 46 දක්වා ඉහළට

මෙරටින් වාර්තා වන කොරෝනා මරණ ගණන 46 දක්වා ඉහළ ගොස් තිබේ.

ඒ අද දින වාර්තා වූ කොවිඩ් මරණ 5ත් සමඟයි.

අද දින වාර්තා වූ මරණ පිළිබඳ විස්තර,

  1. වයස අවුරුදු 80ක් වු පානදුර ප්‍රදේශයේ පදිංචි පිරිමි පුද්ගලයෙක් වන අතර මරණයට හේතුව ලෙස කොවිඩ් 19 ආසාදනය හේතුවෙන් සිදුවු හෘදයාබාධයක් ලෙස දක්වා තිබේ.
  2. කැලණිය ප්‍රදේශයේ පදිංචි 45 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් වන අතර හම්බන්තොට දිස්ත්‍රික් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී කොවිඩ් ආසාදනය උත්සන්න වීමෙන් මියගොස් තිබේ.
  3. කොළඹ 11 ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 40ක පිරිමි අයෙකි. ඔහු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කරන අවස්ථාවේ දී මියගොස් සිට ඇත.
  4. කොළඹ 10 මාළිගාවත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි 68 හැවිරිදි කාන්තාවක් වන අතර ඇය සිය නිවසේදී මියගොස් ඇත.
  5. ඉඹුල්ගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි 63 හැවිරිදි පුද්ගලයෙකු වන අතර ඔහු මහරගම අපේක්ෂා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතරතුර මියගොස් ඇත.

මේ අතර අද (11) දින වාර්තා වූ මුළු කොවිඩ් ආසාදිතයින් ගණන 625 බව කොවිඩ්19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here