ශ්‍රී ලාංකික කෑමවේලක් සාදා ඕස්ට්‍රේලියා ජූනියර් මාස්ටර්චෙෆ් වූ පුංචි දැරිය

මිනිත්තු 90ක් වැනි කාලයක් තුළ ශ්‍රී ලංකාවේ ප්‍රධාන ආහාර වේලක් සකසා ‘ ජූනියර් මාස්ටර්චෙෆ් ඕස්ට්‍රේලියා – 2020’ තරඟයේ කිරුළ හිමිකර ගැනීමට 11 හැවිරිදි ඕස්ට්‍රේලියානු දැරියක සමත් වෙයි.

ජෝර්ජියා නමැති එම දැරිය දැවැන්ත කිරුළ සමඟ ඩොලර් 25000 ක පළමු ත්‍යාගය දිනා ගත්තේ වයස අවුරුදු 9-14 අතර තවත් තරඟකරුවන් 13 දෙනෙකු සමග දැඩි තරඟකාරිත්වයකින් පසු ඔවුන් පරාජය කරමිනි.

ජෝර්ජියාගේ මව පවසන්නේ ශ්‍රී ලාංකික රසයට ඒ ආහාර පාන සෑදීමේ ඇයගේ විස්මිත හැකියාව කිසිසේත තමාගෙන් ඇයට ආ එකක් නොවන බවත් එය ඇගේ මිත්තණියගෙන් ආ හැකියාවක් බවත් ය. ජෝර්ජියාගේ මිත්තණිය වන චාමයින් ශ්‍රී ලංකාවේ පදිංචි අයෙකි. ජෝර්ජියා ද විනිසුරුවන් වෙත පවසා තිබුණේ එම ආහාර පිළිබඳ ඇයට සිය මිත්තණිය කියාදුන් බවයි.

ජෝජියා සන්සුන්ව ආහාරපානවලින් පිරි විශාල පිඟානක් ගෙන යද්දී විනිසුරුවන් විස්මයට පත්ව ඇත. එක් වටයකදී ඇගේ පොල් රොටි සහ අර්තාපල් ව්‍යංජන රස බැලූ විනිසුරුවන් ව්‍යංජන පිසීමට ඇති හැකියාව ප්‍රශංසා කළ අතර පරිපූර්ණ කුළුබඩු සමතුලිතතාවයක් පවත්වා ගෙන යාම පිළිබඳ විනිසුරුවරුන්ගෙන් පැසසුම් ලැබිණි.

අවසාන මහා තරගයේදී ජෝර්ජියා සූපශාස්ත්‍ර හැකියාව පෙන්වූයේ ඌරු මස් ව්‍යංජන, කජු ව්‍යංජන, වම්බටු ව්‍යංජන, කහ බත්, පපඩම් සහ පිපිඤ්ඤා රයිටා සකස් කරමිනි.

ඇය අතුරුපසක් ද ඉදිරිපත් කළ අතර එයට මූලද්‍රව්‍ය පහක් ඇතුළත් ‘Tropical mess’ නම් විය. ටෝස්ට් කළ පොල් අයිස්ක්‍රීම්, දුඹුරු පාන් කෑල්ලක්, ඩේවිඩ්සන් ප්ලම් මුතු, ඩේවිඩ්සන් ප්ලම් මෙරිංගු සහ ලෙමන්ග්‍රස් ග්‍රැනිටා වලින් එය සමන්විත විය.

විශේෂත්වය ලෙස විනිසුරුවන් පවසා තිබුණේ විනාඩි 90ක් වැනි කෙටි කාලයක් තුළ ඇය සැකසූ ශ්‍රී ලාංකික ව්‍යංජන සැකසීම විශාල අභියෝගයක් බවයි. දරුවකු විසින් එය කිරීම තවත් එව වැඩි කරන බව ඔවුන් පවසා තිබුණි.

“ආච්චිගේ ඉවුම් පිහුම්වලට මා ආදරය කරන හේතුව නම්, කෑම පිසීමේදී එයට කොතරම් ආදරය හා සිතුවිලි ඇතුළත් කරනවාද යන්නයි. ”ජෝර්ජියා අවසාන තරඟයේදී පැවසීය.

ආච්චි මෙන් ජෝර්ජියා ද ඇගේ ආදරය පෙන්වීමට හා ඇගේ හැඟීම් ප්‍රකාශ කිරීමට රසවත්ව ආහාර පිසීම උපයෝගී කරගන්නා බව ඇයගේ මවගේ වචන අපව කඳුළු සලන්නට විය

කිසිදු පැකිලීමකින් තොරව ජෝර්ජියා ඇගේ මිත්තණියට ශ්‍රී ලාංකික ඉවුම් පිහුම්වල සියලුම අංග ඉගැන්වූ බවට පවසමින් ඇගේ ජයග්‍රහණයේ ගෞරවය ඇයට පුද කළාය.

ජයග්‍රහණය කිරීමෙන් පසු ජෝර්ජියා පැවසුවේ $ 25,000 ක ත්‍යාග මුදලෙන් ඇය කුමක් කරයිදැයි තමාට විශ්වාස නැති නමුත් ඇය එය අනිවාර්යයෙන්ම විනෝදය සහ ආහාර සම්බන්ධ කිසියම් දෙයකට යොදාගන්න බවය.

  • The colombo express –

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here