අද සිට වැඩි වන බස් ගාස්තු

අද මධ්‍යම රාත්‍රීයේ සිට සාමාන්‍ය බස්ගාස්තුව මෙන් 1.2 ක් අය කිරීමට ප්‍රවාහන අමාත්‍යාංශය අවසර ලබා දී තිබේ.

සෞඛ්‍ය අංශ වල උපදෙස් පරිදි සකස් කර ඇති කොවීඩ් ප්‍රවාහන ප්‍රතිපත්ති මාලාව ප්‍රවාහන අමාත්‍ය ගාමිණී ලොකුගේ සහ ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතාගේ ප්‍රධානත්වයෙන් ප්‍රවාහන අමාත්‍යංශයේ දී  අද (10) දිනයේ එළිදක්වනු ලැබීය.

අදියර  තුනක් යටතේ ක්‍රියාත්මක මෙම කොවීඩ් ප්‍රවාහන ප්‍රතිපත්ති මාලාව අනුව බස් ගාස්තු සංශෝධනයක් සිදුවන අතර එම සංශෝධනය අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වේ.

කොවීඩ් අවදානම් මට්ටම් එක, දෙක සහ තුන ලෙස වර්ග කරමින් මෙම බස් ගාස්තු සංශෝධනය සිදු කිරීමට පියවර ගෙන ඇති බව ප්‍රවාහන අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා පැවසීය.

ඒ අනුව අවධානම් මට්ටම් එකේදි සෞඛ්‍ය නිරෝධායන උපදෙස් වලට යටත්ව සාමාන්‍ය පරිදි බස් රථයට මගින් නංවා ගැනීම සිදුකල හැකි අතර එහිදී සාමාන්‍ය බස් ගාස්තු අය කරනු ලබයි. අවදානම් මට්ටම් දෙකේදී ආසන සංඛ්‍යාවට පමණක් මගින් මගින් නංවා ගනු ලබන අතර සාමාන්‍ය බස් ගාස්තුව මෙන් 1.2 ක් අයකරනු ලබයි.

අවදානම් මට්ටම් තුනේ දී ආසන සංඛ්‍යාවෙන් 50%ක් පමණක් මගීන් නංවා ගත යුතු අතර සාමාන්‍ය බස් රථ සඳහා සාමාන්‍ය ගාස්තුව මෙන් 1.5 ක්, අර්ධ සුඛෝපභෝගී සහ සුඛෝපභෝගී බස් රථ සඳහා සාමාන්‍ය ගාස්තුව මෙන් 1.2ක්  අධි සුඛෝපභෝගී බස් රථ සඳහා සාමාන්‍ය ගාස්තුව මෙන් 1.1 අයකරනු ලබයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here