මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්

කොවිඩ් වසංගතය හේතුවෙන් වසා දැමුණු මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙ නාරාහේන්පිට ප්‍රධාන කාර්යාලය මඟින් සැපයෙන සේවාවන් දිස්ත්‍රික් කාර්යාල මඟින් සිදුකර ගැනීමට හෙට සිට පහසුකම් සලසා තිබේ.

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ, මෝටර් වාහන පැවරීම ඇතුළු ප්‍රධාන කාර්යාලය මගින් සපයන සේවාවන් රැසක් යාපනය, අනුරාධපුරය, කුරුණෑගල, ගම්පහ සහ හම්බන්තොට යන කාර්යාල හරහා සැපයීමට තීරණය කර ඇති බවයි.

ඒ අනුව සතියේ දිනවල උදෑසන 9.00 සිට සවස 4.00 දක්වා පහත සඳහන් දුරකතන අංක අමතා කලින් දිනයක් හා වේලාවක් වෙන් කරවා ගත යුතු බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසයි.

හම්බන්තොට – : 070-6354151, 070 – 6354152
අනුරාධපුරය  – : 070- 6354153 , 070 – 6354154
යාපනය – : 070 – 6354155 ,070 – 6354156
කුරුණෑගල – : 070- 6354157 , 070 6354158
ගම්පහ – : 070- 6354159 , 070- 6354160

මේ අතර මෝටර් රථ ප්‍රවාහන දේපාර්තමේන්තුමේන්තුවේ වේරහැර ශාඛාව ද හෙට (11) සිට යළි විවෘත කිරීමට තීරණය කර තිබේ.

සේවය ලබා ගැනීමට පැමිණීමට පෙර කල්වේලා ඇතිව ඒ සඳහා දිනයක් සහ වේලාවක් වෙන්කරවා ගත යුතු අතර ඒ සඳහා වන දුරකතන අංක පහතින් දැක්වේ.

*විමසීම් – : 0706354121

*විභාග සඳහා දින ලබාදී තිබූ අයදුම්කරුවන් හට නව දින හා වේාවන් ලබා ගැනීම – :  070 6354 122

*ප්‍රායෝගික පරීක්ෂණ සඳහා දින ලබා දී තිබූ අයදුම්කරුවන් හට නව දින හා වේලාවන් ලබා ගැනීම – : 070 6354123

*නව රියැදුරු බලපත් ලබා ගැනීම, රියැදුරු බලපත් අලුත් කිරීම, සං‌ශෝධනය කිරීම හෝ රියැදුරු බලපත් සම්බන්ධ වෙනත් විමසීම් – : 070 6354124

*බර සහතික හා වාහන පරීක්ෂා කිරීමට අදාළ විමසීම් – : 070 6354125

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here