ඩොනල්ඩ් ට්‍රම්ප්ට බිරිඳත් අහිමි වෙයිද?

පසුගිය ​ඇමෙරිකානු ජනාධිපතිවරණයෙන් පරාජයට පත්වූ ඩොනල්ඩ් ට්‍රම්ප් ධවල මන්දිරය හැරගිය පසු ඔහුගේ බිරිඳ එනම් මෙලනියා ට්‍රම්ප් සිය සැමියාගෙන් දික්කසාද වීමට තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඩොනල්ඩ් ට්‍රම්ප්ට භාර්යාවන් තිදෙනෙකුගේ දරුවන් පස්දෙනෙකු සහ මුනුබුරන් මිනිබිරියන් දස දෙනෙකු සිටින අතර 1977 දී ට්‍රම්ප් චෙක්-ඇමරිකානු ව්‍යාපාරික කාන්තාවක්, විලාසිතා නිර්මාණකාරියක සහ නිරූපිකාවක් වන ඉවානා ට්‍රම්ප් සමඟ විවාහ විය. ඇය ඉවාන්කා ට්‍රම්ප් සහ එරික් ට්‍රම්ප්ගේ මවයි. 1992 දී ඔවුන්ගේ දික්කසාදයත් සමඟ සම්බන්ධතාවය බිඳ වැටුණි.

නැවතත් ට්‍රම්ප් 1993 දී නිළියක්, රූපවාහිනී නිවේදිකාවක්, චිත්‍රපට නිෂ්පාදකවරියක් සහ නිරූපිකාවක් වන මාර්ලා මාප්ස් සමඟ විවාහ විය. මෙම යුවලගේ දියණිය ටිෆනි වෙයි. මෙම යුවළ 1997 මැයි මාසයේදී වෙන් වූ අතර අවසානයේ දික්කසාද වූයේ 1999 ජුනි 8 වැනිදාය.

මේ අතර ඩොනල්ඩ් ට්‍රම්ප් ඇමෙරිකානු ජනාධිපතිවරණයේ ප්‍රතිඵල පිලිගන්නේ නැතත් ඔහුගේ බිරිඳ මෙලනියා ,දියණියන් ඉවන්කා සහ බෑනනුවන් වන ජරෙඩ් කුෂ්නර් පවසන්නේ ඔහුගේ ”මුරන්ඩු කම” අත් හැරිය යුතු බවයි.

කෙසේ වෙතත් ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පුතුන් සිය පියා සමඟ සිටින බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here