රජවරු පිස්සු වැටුණු විට, මිනිසුන්ට ඇති එකම ආරක්‍ෂාව වන්නේ ප්‍රජාතන්ත්‍රවාදයයි – ජෝ බයිඩන්ට සුබ පතමින් චන්ද්‍රිකා කියයි

අමෙරිකාවේ 46 වන ජනාධිපතිවරයා වශයෙන් පත් වූ ඩිමොක්‍රටික් පක්ෂ අපේක්ෂක ජෝ බයිඩන් හට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය සුභ පැතුම් එක්කර තිබේ.

සිය ට්ව්ටර් ගිණුමේ සටහනක් තබමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසන්නේ ඉදිරියේ දී අමෙරිකානු නව ජනාධිපතිවරයා සමග සමීපව කටයුතු කරමින් දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කර ගැනීමට බලාපොරොත්තුවන බව යි.

මේ අතර අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාද අමෙරිකාවේ නව ජනාධිපතිවරයා ලෙස තේරි පත්වු ජෝ බයිඩන්ට සහ උප ජනාධිපති ධුරයට පත්වීමට නියමිත කමලා හැරිස් වෙත ට්ව්ටර් පණිවිඩයක් නිකුත් කරමින් සුභ පැතුම් එක්කර තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාද නව ජනාධිපතිවරයා ලෙස තේරි පත්වු ජෝ බයිඩන්ට සහ උප ජනාධිපති ධුරයට පත්වීමට නියමිත කමලා හැරිස් මට සිය සුබපැතුම් එක්කර තිබේ.


ජෝ බයිඩන් හට සුබ පැතුම් එක්කරමින් හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බන්ඩාරණායක කුමාරතුංග මහත්මිය පවසන්නේ රජවරු පිස්සු වැටුණු විට, මිනිසුන්ට ඇති එකම ආරක්‍ෂාව වන්නේ ප්‍රජාතන්ත්‍රවාදය බවත් අද අමෙරිකාව ඒ බව ලෝකයට ඔප්පු කර ඇති බවත්ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here