ස්වයං නිරෝධායනය වෙමින් සිටි අයෙක් ජීවිතක්ෂයට

සිය නිවස තුළ ස්වයං නිරෝධායනය වෙමින් සිටි බිංගිරිය පානවැව ප්‍රදේශයේ 71 හැවිරිදි පිරිමි පුද්ගලයෙකු පසුගිය 06 වනදා අසාධ්‍ය තත්වයෙන් හලාවත රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ.

මෙම පුද්ගලයා පසුගිය 30 වැනිදා උණ හා ශ්වසන අපහසු තාවයක් හේතුවෙන් රෝහල් ගත කර ඇති අතර එහි කොරෝනා ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී සුව වීමෙන් අනතුරුව ඔහුගේ බලවත් ඉල්ලීම මත නිදහස් කර යවා තිබේ.පසුගිය 01 වෙනිදා සිට ඔහු ස්වයං නිරෝධායනයට ලක් කිරීමට සෞඛ්‍ය අංශ කටයුතු කර ඇත.

ඉන් පසු නිවසේ ස්වයං නිරෝධායනයට ලක් කරන ලද පුද්ගලයා නැවත 06 වෙනිදා අසාධ්‍ය වී රෝහල්ගත කල පසු එදිනම මරණයට පත් වී තිබේ.

මෙම පුද්ගලයාගේ ජීව සාම්පල PCR පරීක්ෂණ සඳහා යවා ඇති බවත් මෙතෙක් ප්‍රතිඵල ලැබී නැති බවත් දේහය හලාවත රෝහලේ මෘතශරීරාගාරයේ තැන්පත් කර ඇති බවත් වාර්තා වෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here