හෙට සිට කාර්යාල දුම්රිය ධාවනයට පියවර

හෙට (09) සිට නිරෝධායන ඇඳරිනීතිය අවසන් වූ පසුව සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද භාවිත කරමින් උදෑසන සහ පස්වරුවේ කාර්යාල දුම්රිය ධාවනය කිරීමට කටයුතු යොදා ඇති බව දුම්රිය ගමනාගමන අධිකාරී ඩබ්ලිව්. ඩී රංජිත් පත්මලාල් මහතා පවසයි.

හුදකලා ප්‍රදේශ ලෙස නම්කර ඇති පොලිස් බලප්‍රදේශයන්හී දුම්රිය නොනවත්වා ධාවනය කිරීමට තීරණය කර ඇති බව ද දුම්රිය ගමනාගමන අධිකාරීවරයා සඳහන් කලේය.

දුම්රිය නොනවත්වන ප්‍රදේශ පහත දැක්වෙයි

මේ අතර හුදෙකලා ප්රදේශවල නතර කිරීමකින් තොරව ලංගම සහ පෞද්ගලික සියලු බස් රථ හෙට සිට ධාවනයට කෙරෙන බවද ප්රවාහන බලධාරීන් සඳහන් කරයි.

එසේම හුදෙකලා ප්රදේශවල ජනතාවට රැකියා සඳහා පිටත්ව යාමට හෝ අවස්ථාවක් හිමි නොවන බව පොලීසිය සඳහන් කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here