30 වන කොවිඩ් මරණය – 23 හැවිරිදි තරුණයෙක්

ශ්‍රී ලංකාවේ 30වන කොරෝනා මරණය ඊයේ (06) රාත්‍රීයේ වාර්තා වූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.

එලෙස මියගොස් ඇත්තේ කොළඹ, මෝදර ප්‍රදේශයේ පදිංචිව සිටි 23හැවිරිදි තරුණයෙකි.

ඔහු ⁣⁣අංගොඩ IDH රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ(05) මියගොස් ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසයි.

අදාළ රෝගියාට දියවැඩියා රෝගයේ සංකූලතා සමග කොවිඩ් 19 වෛරසය ආසාදනය වීම මෙම මරණයට හේතුව ලෙස වාර්තාවන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේය.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here