කැටගොඩ ඉවත් වී බැසිල් පාර්ලිමේන්තුවට?

20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝදනයෙන් ද්විත්ව පුරුවැසියන්ට පාර්ලිමේන්තුව නියෝජනය කිරීමට තිබු බාධාවන් ඉවත් කරන ලද බැවින් බැසිල් රාජපක්ෂ මහතා මෙම සතියේ පාර්ලිමේන්තුවේ දිවුරුම් දීමට නියමිත බව colomboxnews වෙබ් අඩවිය වාර්ථා කරයි.

ඒ අනුව දැනට පොදුජන පෙරමුණේ ජාතික ලයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පැමිණ සිටින ජයන්ත කැටගොඩ මහතා බැසිල් රාජපක්ෂ මහතාට ඉඩ ලබා දීම පිණිස පාර්ලිමේන්තුවෙන් ඉල්ලා අස්වීමට නියමිතය.

බැසිල් රාජපක්ෂ මහතාට මුදල් හා ආර්ථික කටයුතු පිලිබද කැබිනට් අමාත්‍ය ධුරයද පිරිනැමීමට නියමිත බව මේ වනවිට වාර්තාවේ. පසුගිය මහින්ද රාජපක්ෂ රජයේ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස කටයුතු කළ බැසිල් රාජපක්ෂ මහතා ගෝඨාභය රාජපක්ෂ මහතා යටතේ පිහිටුවා ඇති ආර්ථිකය සම්බන්ධ කාර්ය සාධක බළකායේ ප්‍රධානියා ලෙසද කටයුතු කරයි.

මුදල් හා ආර්ථික කටයුතු පිලිබද කැබිනට් අමාත්‍ය ධුරය ලැබීමෙන් අනතුරුව ආර්ථිකය සම්බන්ධ විශේෂ බලතල රැසක් බැසිල් රාජපක්ෂ මහතාට බාරදීමට ආණ්ඩුව සැලසුම් කර ඇති බව වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here