බ්‍රිතාන්‍ය නැවතත් ලොක් ඩවුන්

ඉදිරියේ ඇති විය හැකි ව්‍යවසනකාරී තත්ත්වයකින් රට මුදාගැනීම සඳහා සති හතරක කාලයකට රට වසා දමන බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් ඊයේ (31) පස්වරුවේ නිවේදනය කළේය.

ජාතික සෞඛ්‍ය සේවය ‘‘වෛද්‍ය සහ සදාචාරය සම්බන්ධ ව්‍යවසනයකින්’’ ගොදුරු වීමෙන් වළක්වා ගැනීම සඳහා මෙම පියවර ගන්නා බව ද හෙතෙම පැවැසීය.

නව ලොක්ඩවුන් සීමාවලට අනුව අවන්හල්, බීමහල්, කායවර්ධන මධ්‍යස්ථාන සහ අත්‍යවශ්‍ය නොවන සාප්පු යනාදී සියල්ල සති හතරක කාලයක් සඳහා වසා දැමිය යුතු අතර නව කොරෝනා වයිරසයේ පළමු රැල්ල අවස්ථාවේදී මෙන් නොව මෙවර පාසල්, උසස් අධ්‍යාපන ආයතන සහ විශ්වවිද්‍යාල විවෘතව තැබිය හැකිය.

දෙසැම්බර් 2 වැනිදා මෙම ලොක්ඩවුන් සීමා ඉවත් කෙරෙන අතර ඉන් අනතුරුව ස්ථර ක්‍රමයට යන බව ද බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා පැවසීය.

ස්ථර ක්‍රමය අනුව අවදානම සැලකිල්ලට ගනිමින් ලොක්ඩවුන් සීමා පැනවෙනු ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here