⁣චමින්ද,ශේෂා සහ මයන්ත අයවැයේදී ආණ්ඩුවට ?

සමගි ජන බලවේගයේ මන්ත‍්‍රීවරුන් වන චම්න්ද විජේසිරි, හේෂා විතානගේ සහ මයන්ත දිසානායක එළඹෙන අයවැය අවස්ථාවේදී ආණ්ඩුවට එක්වීමට සූදානම් බවත් එය සම්බන්ධීකරණය කරන්නේ තිස්ස අත්තනායක මන්ත‍්‍රීවරයා විසින් බවත් ආණ්ඩුවට එක් වූ මන්ත‍්‍රීනී ඩයනා ගමගේ මහත්මිය පවසයි.

ඇය මේ බව සඳහන් කලේ ඊයේ පැවති රෑපවාහිනී වැඩසටහනකට එක්වෙමින්.

‘එයාලට මගේ මන්තී‍්‍රකම නැති කරන්නත් බෑ. මාව නියෝජ්‍ය ලේකම්කමෙන් අයින් කරන්නත් බෑ. සේනක උප සභාපතිකමෙන් අයින් කරන්නත් බෑ. ඒ තියා විනය පරික්‍ෂණයක්වත් තියන්න බෑ. මහලේකම් කොහොමද මට විනය පරික්‍ෂණ තියන්නේ.

කිංග්ස් නෙල්සන් මහින්ද මහත්තයා හම්බවුනේ සේනකයි මමයි ඉස්සරහ. චමින්දයි, හේෂායි. මයන්තයි ගේන්න කොන්ත‍්‍රාත් එක කලේ තිස්ස අත්තනායක.
ඡන්දෙ දවසේ උදේ චමින්දයි, හේෂයි හිටියේ අපේ ගෙදර. ලොක්කා කිව්වා ඒ අයට අද එන්න එපා අය-වැයේදී ගන්නම් කියලා. ජලනි කොහොමද මට විනය පරික්‍ෂණ තියන්නේ’ යයිද ඇය සඳහන් කළාය.

මේ අතර පසුගිය 21 වනදා 20වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට විරෝධය දැක්වීමට සමඟි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් විරෝධතා දක්වමින් පාර්ලිමේන්තුවට පැමිණි අවස්තාවටද ශේෂා විතානගේ සහ චමින්ද විජේසිරි යන මන්ත්‍රීවරු සහභාගි වී නොතිබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here