අග්‍රාමාත්‍ය හින්දු ආගමික කටයුතු උපදේශකවරුන් පත්වීම් ලබයි

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් හින්දු ආගමික කටයුතු පිළිබඳ උපදේශකවරුන් දෙදෙනෙකු පත් කර තිබේ.

ඒ අනුව හින්දු ආගමික කටයුතු අග්‍රාමාත්‍ය ජ්‍යෙෂ්ඨ උපදේශක තනතුර සඳහා හිටපු අගවිනිසුරු කේ. ශ්‍රීපවන් මහතා පත් කර ඇති අතර හින්දු ආගමික කටයුතු අග්‍රාමාත්‍ය උපදේශක ලෙස ආචාර්ය ජේ.එම්.ස්වාමිනාතන් මහතා පත් කර ඇත.

අග්‍රාමාත්‍යවරයා අතින් නව පත්වීම් ලද අග්‍රාමාත්‍ය උපදේශකවරු අද (29) අරලිගය මන්දිරයේදී සිය පත්වීම් ලිපි ලබා ගත්හ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here