තවත් කොවිඩ් ආසාදිතයින් 211ක්

තවත් කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ 211 දෙනෙකු හඳුනාගෙන තිබේ.

ඉන් 202 දෙනෙක් ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් වන අතර අනෙක් 9 දෙනා නිරෝධායන මධ්‍යස්ථානවලින් හඳුනාගෙන තිබේ.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සදහන් කලේ මෙම 202 අතරින් 140 දෙනෙකු දැනට ඇඳිරි නීතිය පනවා ඇති ප්‍රදේශ වලින් හමු වී ඇති බවයි.

ඒ අනුව මේ දක්වා මිනුවන්ගොඩ – පෑලියගොඩ කොවිඩ් පොකුරෙන් හමු වී ඇති ආසාදිතයින් ගණන 5,607කි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here