චීනයේ ෂින්ජියැන්ග් ප්‍රාන්තයේ මිලියන 5කට PCR පරීක්ෂණ – මාස 7ට පසු ආසාදිතයින් 138ක්

URUMQI, July 20, 2020 -- Medical worker Yan Huanjiao collects a swab sample from a resident at Tianshan District in Urumqi, northwest China's Xinjiang Uygur Autonomous Region, July 20, 2020. Urumqi is carrying out free nucleic acid tests for all residents and people who are visiting the city, in a bid to screen for novel coronavirus infections and reduce the risk of the epidemic spread. Nearly 2,000 medical workers, distributed in residential communities, are conducting nucleic acid tests for residents in Urumqi. (photo by Zhao Ge/xinhua via Getty) (Xinhua/Zhao Ge via Getty Images)

චීනයේ බටහිර කලාපයේ ෂින්ජියැන්ග් ප්‍රාන්තයේ කෂ්ගර් ප්‍රදේශයෙන් කොවිඩ් 19 ආසාදිතයෙකු හමුවීමත් සමඟම එම ප්‍රාන්තයේ වෙසෙන මිලියන 5කට ආසන්න ජනතාවක් සඳහා PCR පරීක්ෂණ සිදු කිරීමට පියවර ගෙන තිබේ.

එම PCR පරීක්ෂණ මඟින් කොවිඩ් ආසාදිත, රෝග ලක්ෂණ රහිත පුද්ගලයින් දෙනෙකු හඳුනාගෙන ඇති අතර මාස හතකට ආසන්න කාලයක් තුළ චීනයේ වාර්තා වූ ඉහළම දෛනික කොවිඩ් ආසාදිත සංඛ්‍යාව මෙය බව විදෙස් මාධ්‍ය වාර්ථා කරයි.

මෙම තත්වය උද්ගත වී ඇත්තේ අහඹු ‍ලෙස පසුගිය සෙනසුරාදා සිදු කරන ලද PCR පරීක්ෂණයකදී හඳුනා ගත් 17 හැවිරිදි තරුණියක කොවිඩ් 19 ආසාදිත බව තහවුරු වීමත් සමඟය.

ඇය ඇඟළුම් කර්මාන්ත ශාලාවක සේවය කරන අතර එම කර්මාන්ත ශාලාවේ සෙසු සේවකයින් 800කට වැඩි පිරිසට හා ඇගේ මව් පියන්ටත් සහෝදරයාටත් මෙම වෛරසය ආසාදනය වී නොතිබුණි.

PCR පරීක්ෂණ මඟින් හඳුනා ගත් අනෙක් ආසාදිතයින් 137 දෙනාම හඳුනාගෙන ඇත්තේ ඇගේ මව්පියන් සේවය කරන කර්මාන්ත ශාලාවෙනි.

එරට බලධාරීන් සඳහන් කර ඇත්තේ පසුගිය 17 වන දින ආහාර ගැනීම සඳහා ඇය තම දෙමාපියන් සේවය කරන කර්මාන්ත ශාලාවේ නේවාසිකාගාරයට ගොස් ඇති නමුත් ඇයට හෝ කර්මාන්ත ශාලාවේ අනෙකුත් සේවකයින් 137 දෙනාට කොවිඩ් වෛරසය ආසාදනය වූයේ කෙසේද යන්න පැ‍හැදිලි නොවන බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here