සරසවි කඩයිම් ලකුණු පිටවෙයි

2019 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ කඩයිම් ලකුණු මේ වන විට නිකුත් කර තිබේ.

උසස් පෙළ කඩයිම් ලකුණු විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ www.ugc.ac.lk යන වෙබ් අඩවියට
පිවිසීමෙන් ලබා ගත හැකි බව එම කොමිෂන් සභාව පවසයි.

උසස් පෙළ විභාගය 2019 අගෝස්තු මස 5 වන දා සිට එම මස 31 වනදා දක්වා පැවැත්වුණු අතර විභාගය සඳහා අයදුම්කරුවන්
337, 704 දෙනෙකු පෙනී සිටියේය.

ඒ, නව විෂය නිර්දේශය යටතේ අපේක්ෂකයින් 198,229ක් සහ පැරණි විෂය නිර්දේශය යටතේ අපේක්ෂකයන්
139,475 දෙනෙකු ලෙසය.

උසස් පෙළ ප්‍රතිඵල පසුගිය වසරේ දෙසැම්බර් මස 27 වන දින නිකුත් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here