VIDEO: 20න් ප්‍රජාතන්ත්‍රවාදය අහෝසි වුණොත් සජිත් වගකිව යුතුයි – පාලිත රංගේ බණ්ඩාර

20 වන ආණ්ඩුක්‍ර ව්‍යවස්ථා සංශෝධනය සම්මත වීමෙන් පසු රටේ ජනතාවට ප්‍රජාතන්ත්‍රවාදයට හානිදායක දෙයකට මුහුණ දෙන්න වුවහොත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු සමඟි ජන බලවේගය වගකිව යුතු බව පාලිත රංගේ බණ්ඩාර මහතා පවසයි.

අද පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඒ මහතා සඳහන් කලේ සජිත් ඇතුළු පිරිස ශක්තිමත් ,ඩීල් නැති විපක්ෂයක් නිර්මාණය කරන බව ප්‍රකාශ කළ ද සජිත්ගේ දක්ෂතාවය මේ හරහා දක්නට ලැබුණු බවයි.

දුර්වල යැයි සඳහන් කරන රනිල් වික්‍රමසිංහ 2015 දී ආණ්ඩුව ලබා ගන්නා විට මන්ත්‍රීවරුන් 47 දෙනෙක් පමණක් සිටියද අයවැය තුලින් ජනතාවට විශාල සහන ලබා දුන් බවත් මන්ත්‍රීවරුන් 224කගේ සහය ඇතිව 19 වන ව්‍යවස්ථ සංශෝධනය සම්මත කරගැනීමට හැකි වූ බවත් ඒ මහතා මෙහිදී වැඩිදුරටත් සඳහන් කලේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here