20ට සහය දුන් විපක්‍ෂ මන්ත්‍රී දෙදෙනෙකුට ඇමති ධුර ?

20 වන ආණ්ඩුකම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට ආණ්ඩුව සමඟ සහාය දුන් විපක්ෂයේ මන්ත්‍රීවරු පිරිසෙන් දෙදෙනෙකුට රාජ්‍ය ඇමැති ධූර හිමි වීමට බොහෝ දුරට ඉඩ ඇති බව ආරංචි මාර්ග සඳහන් කරයි.

සමඟි ජන බලවේගයේ ඩයනා ගමගේ මන්ත්‍රීවරිය සහ තවත් විපක්ෂ මන්ත්‍රීවරු 7 දෙනකු එම 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ දී රජයට පක්ෂව සහාය ලබා දුන්නේ ය.

සමගි ජන බලවේගය විසින් කරන ලද ඉල්ලීමක් අනුව ඔවුන්ගේ ආසන විපක්‍ෂයෙන් ඉවත් කිරීමටද නියමිතව තිබේ.

දැනට රාජ්‍ය අමාත්‍යවරුන් 38 දෙනෙකු පත්කර තිබෙන අතර 19 සංශෝධනය මගින් ඇමතිවරුන් පත් කිරීම සඳහා පනවා තිබූ සීමාව එලෙසම පවතින නිසා තවත් රාජ්‍ය අමාත්‍යවරුන් දෙදෙනෙකු පත් කිරීමේ හැකියාව පවතී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here