මිනුවන්ගොඩ හා පෑලියගොඩ කොවිඩ් පොකුරෙන් අසාදිතයින් 4000 ඉක්මවයි

කොරෝනා ආසාදිතයින් 368 දෙනෙකු ඊයේ (24) හඳුනා ගැනීමත් සමඟම මිනුවන්ගොඩ හා පෑලියගොඩ කොරෝනා පොකුරෙන් මේ වනවිට අසාදිතයින් 4050 දෙනෙකු වාර්තා වී තිබේ.

ඒ අනුව මේ වනවිට මෙරටින් වාර්තා වන සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 7521 කි.

ඉන් 3714 දෙනෙකු ප්‍රතිකාර ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ.

මේ අතර කොරෝනා වැළැක්වීමේ එන්නතක් පාවිච්චි කිරීමට සූදානමින් සිටින්නැයි ලෝක සෞඛ්‍ය සංවිධානය දැනුම් දී ඇති බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ඊයේ රත්නපුරේදී හෙළි කළා ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here