මෙරට 15 වන කොවිඩ් මරණය කුලියාපිටියෙන්

මෙරට 15 වන කොවිඩ් ආසාදිත මරණය අද (24) වාර්තා විය.

කුලියාපිටිය, උණලීය ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු කුලියාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අද අලුයම ජීවිතක්ෂයට පත්ව තිබේ.

56 හැවිරිදි එම පුද්ගලයා හෘදයාබාධ රෝගී තත්ත්වයකින් පසුවූ අයෙකු බවත්, ඊට ප්‍රතිකාර සඳහා පසුගිය 14 වනදා කුලියාපිටිය රෝහලට ඇතුළත් කර තිබේ.

පසුව 16 වන දින ඔහුගේ රෝගී තත්ත්වය උත්සන්න වීමෙන් රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර ඇති අතර අද අලුයම ඔහු ජීවිතක්ෂයට පත්ව තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here