අද නව කොවිඩ් ආසාදිතයින් 609ක්

අද (23) දින නව කොවිඩ් ආසාදිතයින් 609 දෙනෙකු හඳුනාගෙන තිබේ.

නව ආසාදිතයින් හමුවී ඇති ස්ථාන වන්නේ,පෑලියගොඩ මාළු වෙළෙඳ සංකීර්ණයෙන් 496 ක්,නිරෝධායන මධ්‍යස්ථාන වලින් 48 ක්,බේරුවල ධීවර වරායෙන් 20 ක්,ගාල්ල ධීවර වරායෙන් 5ක් හා ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් 40ක් වශයෙනි.

ඒ අනුව, මිනුවන්ගොඩ කොවිඩ් -19 පොකුරෙන් මේ දක්වා වාර්තා වී ඇති සමස්ථ කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 3426 දක්වා ඉහළ ගොස් තිබේ.

මෙරටින් වාර්තා වූ සමස්ථ ආසාදිතයින් ගණන මේ වන විට 6896 ක් වෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here