මුරලිගේ චරිතයෙන් විජේ සෙතුපති ඉවත් වෙයි

ශ්‍රී ලංකාවේ බිහිවූ විශිෂ්ටතම ක්‍රිකට් පන්දු යවන්නා මුත්තයියා මුරලිදරන්ගේ ජීවිත කතාව ඇතුළත් ‘800’නැමති චිත්‍රපටයේ මුරලිදරන්ගේ චරිතය රඟපෑමෙන් දකුණු ඉන්දියානු නළු විජේ සෙතුපති ඉවත් වී තිබේ.

ඉන්දීය මාධ්‍යවල දැක්වෙන්නේ , සිය චරිතය සඳහා රංගනයෙන් දායක වීමෙන් විජේ සෙතුපතිගේ රංගන වෘත්තියට හානියක් විය හැකි බවට මුත්තයියා මුරලිදරන් නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දී ඇති බවයි.

ඒ අනුව වෙනත් රංගන ශිල්පියෙකු යොදවා චිත්‍රපටය රූගත කරනු ඇති.

විජේ සෙතුපති මුරලිදරන්ගේ චරිතය රඟපෑම සම්බන්ධයෙන් දකුණු ඉන්දියානු රසිකයින් විශාල පිරිසක් විරෝධය පළ කර තිබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here