ගම්පහ දිස්ත්‍රික්කයටම පැන වූ ඇඳිරිනීතිය

අද (21) රාත්‍රී 10.00 සිට සඳුදා අලුයම 05.00 දක්වා ගම්පහ දිස්ත්‍රික්කයටම නිරෝධායනය ඇඳිරි නීතිය පැනවීමට රජය තීරණය කර තිබේ.

යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේ ගම්පහ දිස්ත්‍රික්කය තුළ කොවිඩ් 19 රෝගීන් වාර්තාවීම ඉහළ යාමත් සමග මෙම තීරණය ගෙන ඇති බවය.

මේ අතර පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කලේ නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක වුව ද ගම්පහ දිස්ත්‍රික්කය හරහා වාහන ධාවනය සිදුකිරීමට බාධාවක් නොවන බවයි.

ගම්පහ දිස්ත්‍රික්කය තුළ ඇඟලුම් කර්මාන්ත ශාලාවල සේවය කරන සේවකයින්ට සහ උසස් පෙළ විභාගය සඳහා පෙනි සිටින සිසුන්ට නිරෝධායන ඇඳිරි නීතිය බලපැමක් නොවන බව අජිත් රෝහණ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here