කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 2451 දක්වා ඉහළට

නව කොවිඩ් ආසාදිතයින් 109ක් හඳුනා ගැනීමත් සමඟම කොවිඩ් තුන්වන රැල්ලෙන් මෙතෙක් හඳුනා ගත් සමස්ථ කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 2451
දක්වා ඉහළ ගොස් තිබේ.

අද හඳුනා ගත් කොවිඩ් ආසාදිතයින්ගෙන් 49 දෙනෙකු පෑලියගොඩ මාලු වෙළඳ සැලෙන් වන අතර තවත් 37 දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථාන වලින්ද 23 දෙනෙක් මිනුවන්ගොඩ කර්මාන්ත ශාලා සේවකයින්ගේ ආශ්‍රිතයින්ද වන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

මේ අතර කොළඹ කොටුවේ පිහිටි මැනිං වෙළෙඳපොළ හෙට (22) උදෑසන 10.00 සිට එළඹෙන සඳුදා අලුයම 5.00 දක්වා තාවකාලිකව වසා දැමීමට පියවර ගෙන තිබෙන බව මැනිං වෙළෙඳපොළ වෙළෙඳ සංගමය පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here