කුලියාපිටියෙන් අද කොවිඩ් ආසාදිතයින් 14ක්

කුලියාපිටිය ප්‍රදේශයෙන් අද (20) දිනයේ කොවිඩ් 19 නව ආසාධිතයින් 14 දෙනෙකු වාර්ථා වී තිබේ.

ඒ අනුව කුලියාපිටිය ප්‍රදේශයෙන් මේ වන විට වාර්තා වන සමස්ථ ආසාදිතයින් සංඛ්‍යාව 25ක් වී තිබේ.

අද (20) මාධය හමුවක් පවත්වමින් කුලියාපිටිය ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී වෛද්‍ය උත්පල ගුණසේකර මහතා පවසා සිටියේ අද දිනයේ හඳුනාගත් ආසාදිතයින් 14 දෙනාම පසුගිය දා පැවති අගමික උත්සවයකට සහභාගි වූ අය බවයි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිළධාරීවරයා ”මෙම රෝගීන් කුලියාපිටිය ප්‍රදේශය පුරාම වාර්ථා වෙනවා.තම්මලව,ඌරුපිටිය,ගයියාල,බෝහින්ගමුව,ගලගෙදර වගේ ප්‍රදේශවලින්.එම නිසා තත්වය ටිකක් අවධානම් තත්වයක තියෙන්නේ.මෙම විවාහ උත්සවයට සහ ආගමික මධ්‍යස්ථානයට සහභාගි වුණ සියළු දෙනා මෙතෙක් අපිට දැනුම් දීල නැත්තම් ගියා කියල වහාම අපිව දැනුවත් කරන්න.”යනුවෙන් පැවසීය.

මෙම මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ කුලියාපිටිය නියෝජ්‍ය සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී ශ්‍යාමා අතපත්තු මහත්මිය සඳහන් කර සිටියේ පසුගිය ඔත්තෝබර් 13 වන දින කුලියාපිටිය රෝහලේ කැස්ස,හෙම්මිරිස්සාව , උණ රෝගීන්ගෙන් අහඹු ලෙස සිදුකළ PCR පරීක්ෂණයක් අනුව පළමු රෝගීයා වාර්තා වූ බවයි.

ආරම්භය නොදන්නා නමුත් දැනට හමූ වූ රෝගීන් සියළු දෙනාම මෙම විවාහ මංගල උත්සවයට සහ ආගමික පූජාවට සහභාගී එකම කණ්ඩායමක් බවද ඇය සඳහන් කළාය.

මේ අතර ඉකුත් ඔක්තෝබර් දෙවැනිදා කුලියාපිටිය ප්‍රදේශයේ මංගල සාදයකට සහභාගි වූ පන්නිපිටිය රත්මල්ගොඩ ප්‍රදේශයේ කාන්තාවකට ද වෛරසය ආසාදනය වී ඇතැයි පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය ඉන්දික එල්ලාවල මහතා සඳහන් කළේය.

එම මංගල උත්සවයේ මනමාල මහතාට වෛරසය ආසාදනය වූ බව දැනගැනීමෙන් පසු මෙම කාන්තාව PCR පරීක්ෂණයක් සඳහා යොමු වී තිබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here