අවුරුදු 2යි මාස 06ක දරුවෙකුට සහ මවට කොරෝනා

බොරැල්ල ළමා රෝහලේ ප්‍රතිකාර ලැබීම සඳහා වයස අවුරුදු 2යි මාස 06ක් වයසැති දරුවෙකුට සහ එම මවට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරුවී තිබේ.

කොවිඩ් -19 පැතිරිම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය මේ බව සඳහන් කළේය.

එම දරුවා සහ මව වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවන් වන බව රෝහලේ අධ්‍යක්ෂක වෛද්‍ය ජී. විජේසුරිය සඳහන් කළේය.

මෙම දරුවා සහ මවගේ ඇතිව තිබු රෝග ලක්ෂණ සම්බන්ධයෙන් සැක සිති රෝහල් කාර්ය මණ්ඩලය ඔවුන්ව වෙන් කොට තබා තිබු බවත් සිදුකළ PCR පරීක්ෂණයකින් ඔවුන් දෙදෙනාටම කොරෝනා වෛරසය ආසාසනය වී ඇති බවට තහවුරු වී තිබේ.

මේ හේතුවෙන් රෝහල් කාර්ය මණ්ඩලය ආසාදිතයින්ට නිරාවරණය වීමක් සිදුවී නොමැති බව රෝහල් අධ්‍යක්ෂකවරයා වැඩිදුරට පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here