වෙඩි හුවමාරුවකින් මාකඳුරේ මධුෂ් මරුට

මාලිගාවත්ත නිවාස සංකීර්ණයේ සඟවා තිබූ මත්ද්‍රව්‍ය කිලෝ 22ක් සොයා කළ සෝදිසි මෙහෙයුමක් අතර සිදුවූ වෙඩි හුවමාරුවකදී මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු සහ සංවිධානාත්මක අපරාධකරුවෙකු ලෙස සැළකෙන මාකඳුරේ මධුෂ් වෙඩිවැදි මරණයට පත්ව තිබේ.

අද (20) අළුයම එම වැටලීම සිදු කිරීම සඳහා ඔහු එම ස්ථානයට රැගෙන ගොස් ඇත්තේ, කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසිනි.

එහිදී මත්ද්‍රව්‍ය ජාවරම්කරුවන් වෙඩ් තබා ඇති බව පොලීසිය පවසයි.

අනතුරුව ඇති වූ වෙඩි හුවමාරුවෙන් මාකඳුරේ මධූෂ්ට සහ CCD නිලධාරීන් දෙදෙනෙකුටද වෙඩිවැදී තවලා සිදුව තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here