තවත් කොවිඩ් ආසාදිතයින් 40ක්

මිනුවන්ගොඩ කොවිඩ් පොකුරේ තවත් 40 දෙනෙකුට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ.

යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේ ඉන් 19 දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථානය කරා යොමු කර සිටි අය බවත් අනෙක් 21ක් දෙනා කර්මාන්ත ශාලාවේ සේවකයින්ගේ සමීප ආශ්‍රිතයින් බවය.

ඒ අනුව මේ දක්වා දිවුලපිටිය සහ මිනුවන්ගොඩ කොවිඩ් පොකුරෙන් වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 2,162ක් වෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here