රිෂාඩ් බදියුදීන් රිමාන්ඩ්

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතාව ඔක්තෝබර් 27වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරා අද (19) උදෑසන අත්අඩංගුවට ගෙන පසුව කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළේය.

අද අළුයම දෙහිවල ප්‍රදේශයේ මහල් නිවාස සංකීර්ණයකදී රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගැනුණි.

2019 ජනාධිපතිවරණ සමයේ අවතැන්වූවන් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා රැගෙනයාමට ලංගම බස්රථ යොදාගැනීම මගින් මහජන මුදල් අවභාවිතය සහ මැතිවරණ නීති උල්ලංගණය කිරීම යන චෝදනා යටතේ ඔහුව අත්අඩංගුවට ගනු ලැබීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here