වගා ලිඳක වැටී එකම පවුලේ දරුවන් තිදෙනෙක් ජීවිතක්ෂයට

ගලේවෙල රන්වැඩියාව, කොස්පොත ඇළ ප්‍රදේශයේ කුඹුරු වගාවට ජලය ගැනීම සඳහා කැපූ වගා ළිඳක වැටීමෙන් එකම පවුලේ ළමුන් තිදෙනෙකු මියගොස් තිබේ.

අද (19) උදෑසන සිට ළමුන් තිදෙනා අතුරුදන්ව සිටි බැවින්, ඒ පිළිබඳව සොයා බැලීමේ දී එම ළිඳ තුළ තිබී ඔවුන්ගේ සිරුරු හමුව ඇත.

වයස අවුරුදු 15 ක් හා 12 ක් වන ගැහැණු ළමුන් දෙදෙනෙකු හා ඔවුන්ගේ 7 හැවිරිදි සහෝදරයා එලෙස මියගොස් තිබේ.

ගලේවෙල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here