තවත් 73කට කොවිඩ්

මිනුවන්ගොඩ කොවිඩ් පොකුර හා සම්බන්ධ තවත් 73 දෙනෙකුට වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ.

ඉන් දෙදෙනෙකු නිරෝධායන මධ්‍යස්ථානය කරා යොමු කර සිටි අය බවත්, අනෙක් 71ක් දෙනා ඔවුන්ගේ සමීප ආශ්‍රිතයින් බවත් යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේය.

ඒ අනුව, මේ දක්වා දිවුලපිටිය සහ මිනුවන්ගොඩ කොවිඩ් පොකුරෙන් වාර්තා වී ඇති සමස්ථ ආසාදිතයින් සංඛ්‍යාව 1972ක් වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here