20ට විරෝධය දක්වමින් මහා සංඝරත්නයෙන් ජනපතිට ලිපියක්

20න් නීතියේ පාලනයක් නොමැති අස්ථාවර රාජ්‍ය යාන්ත්‍රණයක් බිහිවීමට බොහෝ ඉඩකඩ ඇති බව පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි, පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි සහ පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලිපියක් යොමු කරමින් පවසා තිබේ.

එහි වැඩිදුරටත් සඳහන් වන්නේ අත්තනෝමතික ලෙස විධායකය මෙහෙයවිය හැකි, ව්‍යවස්ථාදායකය හා අධිකරණය තම අණසකට යටත් කරන්නට තරම් බලයක් සහිත ජනාධිපතිවරයකු හා දුබල අමාත්‍ය මණ්ඩලයක් විසිවෙනි සංශෝධනය හරහා බිහිවන බවයි.

අග්‍රාමාත්‍යවරයාගේ බලය හා ස්ථාවරත්වය ද මෙමගින් හීන කළ හැකි බවත් එම ලිපියේ සඳහන් වේ.

හදිසි පනත් කෙටුම්පත් ගෙන ඒම සඳහා ප්‍රතිපාදන සකස් කිරීම තුළින් MCC වැනි රටට අහිතකර නීති හදිසි පනත් ලෙස ගෙන ආ හැකි බව එම හිමිවරුන් පවසයි.

ද්විත්ව පුරවැසියෙකුට පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙකු ලෙස පත්වීමට ඇති බාධක ඉවත් කිරීම ද මෙම ලිපිය මඟින් ස්වාමීන්වහන්සේගේ දෝෂ දර්ශනයට ලක්ව තිබේ.

පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙකුට පමණක් නොව රජයේ ඕනෑම ඉහළ තනතුරක් ද ද්විත්ව පුරවැසියෙකුට ලබා නොදිය යුතු යැයි ද ලිපියේ සඳහන් වෙයි.

ජනාධිපතිවරයාට යොමුකල එම ලිපියේ පිටපත් අග්‍රාමාත්‍යවරයාට සහ කථානායකවරයාට  ද යොමු කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here