ඇන්ඩ්‍රොයිඩ් ජංගම දුරකථනවලට බලපාහැකි සයිබර් ප්‍රහාරයක්

ඇන්ඩ්‍රොයිඩ් ජංගම දුරකථන වලට බලපාහැකි ransomware සයිබර් ප්‍රහාරයක් සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය කරගැනීමට මයික්‍රෝසොෆ්ට් සමාගමට හැකිවී ඇති බව ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය පවසයි.

එම ransomware වර්ගය MalLocker.B යනුවෙන් හඳුන්වා දී ඇති අතර ඒ මගින් ඇන්ඩ්‍රොයිඩ් ජංගම දුරකථනය unlock කළ නොහැකි ලෙස පවත්වාගෙන යෑමට හැකි බවට තොරතුරු අනාවරණය වී ඇත.

අනිෂ්ට මෘදුකාංගය ස්ථාපිත ඇන්ඩ්‍රොයිඩ් ජංගම දුරකථනය unlock කරගැනීම සඳහා කප්පම් ගෙවීමක් සිදුකළ යුතු බැවින් මෙවැනි සයිබර් ප්‍රහාර ransomware නමින් හඳුන්වනු ලබ එම සංගමය සඳහන් කරයි.

එවැනි ransomware මෘදුකාංග ඇන්ඩ්‍රොයිඩ් ජංගම දුරකථනවලට ස්ථාපනය වන්නේ Google Play Store වෙතින් පරිබාහිරව ලබාගන්නා යෙදුම් නැතහොත් APK ගොනු හරහා වේ.

එම MalLocker.B ransomware සයිබර් ප්‍රහාර අවදානමෙන් ඇන්ඩ්‍රොයිඩ් ජංගම දුරකථනය ආරක්ෂා කරගැනීම සඳහා Google Play Store වෙතින් පමණක් දුරකථන යෙදුම් භාගත කරගන්නා ලෙස ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය ඇන්ඩ්‍රොයිඩ් ජංගම දුරකථන පරිශීලකයන්ට දැනුම් දෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here