20 වන සංශෝධනය ගැන පාර්ලිමේන්තු විවාදය 21-22

20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිලිබඳ පාර්ලිමේන්තු විවාදය මෙම මස 21 සහ 22 යන දෙදින තුළ පැවැත්වීමට තීරණය කර තිබේ.

පාර්ලිමේන්තුවේ අද (16) රැස්වූ පක්ෂ නායක රැස්වීමේදී එම තීරණය ගෙන තිබේ.

මෙම 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් විපක්ෂය විසින් දින තුනක විවාදයක්  ලබාදෙන ලෙස ඉල්ලා සිටියද ආණ්ඩු පක්ෂය විසින් ඊට එකතාවය පළකර නොමැති බවද වාර්තාවේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here