ත්‍රී රෝද රථයක් පෙරළී කුඩා දරුවෙක් ජීවිතක්ෂයට

වැල්ලවාය – බෙරගල මාර්ගයේ බෙරගල හන්දිය ආසන්නයේදී ත්‍රී රෝද රථයක් 500m ක් පමණ ප්‍රපාතයට පෙරලීමෙන් එහි ගමන් ගත් කුඩා දරුවෙකු ජීවිතක්ෂයට පත් වී තිබේ.

මෙම අනතුරින් ත්‍රී රෝද රථයේ රියදුරු ,පිටුපස අසුනේ ගමන් ගත් කාන්තාවක් හා කුඩා දරුවෙකු බරපතල තුවාල ලබා හල්දුමුල්ල රෝහලට ඇතුලත් කිරීමේදී දරුවා මියගොස් ඇත.

මියගිය දරුවාගේ වයස අවුරුදු 1 1/2 වන අතර තුවාලකරුවන් වැඩිදුර ප්‍රථිකාර සඳහා දියතලාව රෝහල වෙත මාරුකර යවා ඇත.

හපුතලේ පොලීසිය වැඩිදුර විමර්ශණ සිදු කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here