කොරෝනා මර්දනයට සහාය දෙන්න ජාතික විද්වත් සංවිධානය සූදානම්

මේ මොහොතේ රට තුළ වේගයෙන් ව්‍යාප්ත වෙමින් තිබෙන කොරෝනා වසංගතය මර්දනය කිරීම සඳහා ආණ්ඩුව ගනු ලබන ක්‍රියාමාර්ගයන්ට අවශ්‍ය ඕනෑම මොහොතක තම සංවිධානයේ සිටින විශේෂඥයින්ගේ සහාය ලබා දීමට සූදානම් බව ජාතික විද්වත් සංවිධානය පවසයි.

ඒ ජාතික විද්වත් සංවිධාන අද (14) දින කැඳවා තිබූ මාධ්‍ය හමුවේදීය.

මෙහිදී අදහස් දැක්වූ එම සංගමයේ ලේකම් සෞඛ්‍ය අමාත්‍යංශයේ හිටපු ප්‍රධාන වසංගත රෝග පිළිබඳ විද්‍යාඥවරයකු සහ ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රතිශක්තීකරණය පිළිබඳව හිටපු කලාපීය උපදේශකවරයකු වන විශේෂඥ වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේ ” අපේ රටේ සෞඛ්‍ය අංශ ප්‍රධාන කොවිඩ් මර්දන කටයුතු වෙනුවෙන් මැදිහත් වන සියලු ආයතන රෝගය පැතිරීම වළක්වා ගැනීමට අවශ්‍ය කටයුතු සිදු කරමින් සිටින අතර මේ මොහොතේ මහජනතාව ලෙසද ගතයුතු මූලික ක්‍රියාමාර්ග අනුගමයන කළ යුතු බවත් ඒසේම රජය ඇඳිරි නීතිය පැනවීමකින් තොරව මෙම තත්වයට මුහුණ දෙමින් කටයුතු කරන්නේ නම් කොවිඩ් ව්‍යාප්තිය වළක්වා ගැනීමට අවශ්‍ය නිවැරදි තීන්දු තීරණ ඒ් ඒ් අංශ සමග අවබෝධයෙන් ගතයුතු බවත්ය.

මෙම මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ රාගම වෛද්‍ය පීඨයේ මහාචාර්ය, විශේෂඥ වෛද්‍ය ක්‍රිෂාන්ත අබේසේන මහතා, සඳහන් කලේ PCR පරීක්ෂණ සිදු කිරීමෙන් පසු ප්‍රතිඵල ලැබීමට දවස් 2ක් පමණ ගතවන බැවින් එම කාලය තුල රෝගය පැතිරීමට ඉඩක් ඇති බවයි.

එම නිසා PCR පරීක්ෂණ සිදු කර පැය 12 යනවිට හෝ අදාල බලධාරීන්ට ප්‍රතිඵල ලැබෙන්නේ නම් අවශ්‍ය ක්‍රියාමාර්ග කඩිනමින් ගත හැකි බව ද ඒ මහතා සඳහන් කරයි.

අද වන විට පෙරට වඩා වැඩියෙන් PCR පරීක්ෂණ සිදු කරන නමුත් එම ප්‍රමාණය, ප්‍රමාණවත් නොවන බවත් එම නිසා රසායානාගර ප්‍රමාණය වැඩි කරමින් PCR පරීක්ෂණ වැඩි නොකළහොත් රෝගය පාලනය අවිනිශ්චිත බවද ඒ මහතා වැඩිදුරටත් පවසයි.

මෙම මාධ්‍ය හමුවේදී කැළණිය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය අනුර කරුණාතිලක මහතා, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතාද අදහස් දැක්වීය.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here