අත්‍යාවශ්‍ය භාණ්ඩ කිහිපයක ආනයනික බදු ඉවතට

වත්මන් ජීවන තත්වය සහ රටෙහි පවත්නා කොවිඩ් 19 ආශ්‍රිත දුෂ්කරතා සැලකිල්ලට ගනිමින් අත්‍යාවශ්‍ය භාණ්ඩ කිහිපයක ආනයනික බදු ඉවත් කල බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

ඒ අනුව අද රාත්‍රියේ සිට ටින්මාළු (ලොකු) රුපියල් 200, බී ළුෑණු 01 Kg රුපියල් 100 සහ සීනි 01Kg රුපියල් 85 මිලට ගැනීමට හැකි බව ජනාධිපති මාධ්‍ය ඒකකය නිකුත් කල නිවේදනයේ වැඩිදුුරටත් සඳහන්.

එමෙන්ම සතොස මගින් රුපියල් 500ට වැඩි වටිනාකමින් යුතු භාණ්ඩ ලබා ගන්නා විට පරිප්පු 1kg රුපියල් 150ක මුදලකට ලබාගත හැකි  බවද එම ජනාධිපති මාධ්‍ය ඒකකය සඳහන් කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here