අයි.පී.එල් විශිෂ්ඨයින්ගේ ගොඩට බ‍්‍රාවෝත් එක්වෙයි

අයි.පී.එල් තරගාවලි ඉතිහාසයේ කඩුලූ 150 සීමාව පසු කල පස්වන පන්දු යවන්නා බවට පත්වීමට චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමේ වේග පන්දු යවන ක‍්‍රීඩක ඞ්වෝන් බ‍්‍රාවෝ සමත් විය.
කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමට එරෙහිව පැවති තරගයකදී ඔහු කඩුලූ 150 කඩඉම පසුකල අතර එම තරගයේදී පන්දුවාර 4ක් යවමින් ලකූණු 37කට කඩුලූ 03ක් දවාගැනීමට ඔහු සමත් විය. මීට පෙර අයි.පී.එල් තරගාවලි ඉතිහාසයේ කඩුලූ 150 සීමාව පසු කල ක‍්‍රීඩකයින් වන්නේ ලසිත් මාලිංග, අමිත් මිෂ්රා, පියුෂ් චව්ලා සහ හර්බජාන් සිං යන ක‍්‍රීඩකයින් සිවුදෙනාය.

බටහිර ඉන්දීය කොදෙව් ජාතික කණ්ඩායම නියෝජනය කරන ඞ්වෝන් බ‍්‍රාවෝ මේ වනවිට 37 වන වියේ පසුවන අතර විස්සයි විස්ස ක‍්‍රිකට් ඉතිහාසයේ සියලූ ආකාරයේ තරගවලදී කඩුලූ 500ක් ලබා ගත් පළමු ක‍්‍රීඩකයා බවට පත්වීමට ඔහු සමත්ව සිටී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here