තවත් කොවිඩ් ආසාදිතයින් 51ක් හඳුනාගැනේ

තවත් කොවිඩ් ආසාදිතයින් 51 දෙනෙකු අද පස්වරුවේ හඳුනාගත් බව යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඔවුන්ගෙන් 15 දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථාන තුලින් හඳුනාගෙන ඇති අතර අනෙක් 36 දෙනා මිනුවන්ගොඩ ඇඟළුම් කර්මාන්ත ශාලාවේ සේවකයින්ගේ ආශ්‍රිතයන් වෙයි.

ඒ අනුව මිනුවන්ගොඩ කොවිඩ් පොකුරේ මේ වන විට හඳුනාගත් සම්පූර්ණ ආසාදිතයින් සංඛ්‍යාව 1397 ක් දක්වා ඉහල ගොස් තිබේ.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here