ප්‍රජාතන්ත්‍රවාදයට එරෙහි වන 20 සම්මත කරන්න එපා – ශ්‍රී ලංකා අමරපුර, රාමඤ්ඤ සාමග්‍රී මහා සංඝ සභාව

20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මිනිස් චින්තනයේ නිදහසටත් ක්‍රියාකාරීත්වයටත් බරපතළ ලෙස බාධා කරන නොදියුණු ගෝත්‍රික සමාජයකට ආපසු ගමන් කරන, නීති සම්මතයක් බව තහවුරු වූ හෙයින් එය සම්මත නොකරන ලෙස ආණ්ඩුවට අවධාරණය කිරීමට ශ්‍රී ලංකා අමරපුර, රාමඤ්ඤ සාමග්‍රී මහා සංඝ සභාව තීරණය කර තිබේ.

මෙම නිකාය දෙකෙහි මහා ලේඛකාධිකාරී හිමිවරු රැස්වී ගනු ලැබු තීරණය දැනුම් දෙමින් අද (12) පැවත්වූ මාධ්‍ය හමුවේදී මහානායක හිමිවරු මේ බව අවධාරණය කළහ.

ශ්‍රී ලංකා අමරපුර සංඝ සභාවේ ⁣ලේඛකාධිකාරී පූජ්‍ය පල්ලෙකන්දේ රතනසාර අනුනායක ස්වමීන්වහන්සේ සහ ශ්‍රී ලංකා ආමඤ්ඤ නිකායේ ලේඛකාධිකාරී පූජ්‍ය අත්තංගනේ රතනපාල ස්වාමීන් වහන්සේගේ අත්සනින් නිකුත් කල නිවේදනය පහතින්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here