මත්පැන් හල් – කැසිනෝ සහ රාත්‍රී සමාජශාලා ගැන රජය ගත් විශේෂ තීරණය

මත්පැන් හල්, කැසිනෝ සහ රාත්‍රී සමාජශාලා ඝණයට අයත් වන සියලු සුරාබදු බලපත්‍ර ලත් ස්ථාන ලබන 31 වනදා දක්වා වසා තැබීමට තීරණය කර තිබේ.

ඒ අනුව, විදේශ මත්පැන් තැබැරුම්, හෝටල් පීඨිකා, විනෝද පීඨිකා, දුම්රිය භෝජනාගාර, ආපන ශාලා, සමාජ ශාලා, අවස්ථා බලපත්‍ර සහ බියර් හා වයින් ස්ථානීය පාරිභෝජනය යන සුරාබදු බලපත්‍ර ලත් ස්ථාන එලෙස වසා තබනු ඇති බවසුරාබදු කොමසාරිස් ජනරාල් ආරියදාස බෝදරගම මහතා නිවේදනය කරයි.

මේ අතර අනෙකුත් මත්පැන් අලෙවිසැල් සෞඛ්‍ය අංශ විසින් ලබාදී ඇති දැඩි කොන්දේසි අනුව විවෘතව තබන බව සුරාබදු දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here