කොළඹ ප්‍රදේශ කිහිපයකට අද පැය 8ක් වතුර නෑ

කොළඹ ප්‍රදේශ කිහිපයකට අද (10) දිනයේ පැය 8ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

අත්‍යාවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් අද රාත්‍රී 10.00 සිට හෙට (11) උදෑසන 06.00 දක්වා කාලය තුළ එම ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවන බව එම මණ්ඩලය සඳහන් කළේය.

ඒ අනුව අදාළ කාලය තුළ කොළඹ 12,13,14 සහ 15 යන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවනු ඇත.

මීට අමතර එම කාලය තුළ කොළඹ 01 සහ 11 යන ප්‍රදේශවලට අඩුපීඩන තත්ත්වයක් යටතේ ජලය සැපයෙන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩ ලය පැවසුවේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here