නොබෙල් සාම ත්‍යාගය එක්සත් ඡාතින්ගේ ‘‘ ලෝක ආහාර වැඩසටහනට

එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහන ලෝක ඡනතාවගේ සාගින්න මැඩපැවැත්වීම සඳහා ගත් දැවන්ත උත්සාහය වෙනුවෙන් මෙවර නොබෙල් සාම ත්‍යාගය දිනා ගෙන තිබේ.

ත්‍යාගය පිරිනැමීමෙිදී නොබෙල් කමිටුව වඩාත් අගය කලේ ලෝක ආහාර වැඩසටහන විවිධ රටවල යුද්ධ සිවිල් ගැටුමි හා කොරෝනා වෛරස් තත්වයන්ට පවා මුහුන දෙමින් සිය නොපසුබට කාර්යය අවංකවත් කාරයක්ෂමවත් කිරීමට ගත් දැවැන්ත උත්සාහය සහ
කුසගින්න මැඩපැවැත්වීමට සහ ගැටුම්වලින් පීඩාවට පත් ප්‍රදේශවල සාමය සඳහා කොන්දේසි වැඩිදියුණු කිරීමට ගත් උත්සාහයයි ඒ වෙනුවෙන් රෝමය පදනම් කරගත් සංවිධානය ස්වීඩන් ක්‍රවුන් මිලියන 10 ක් (ඩොලර් 770,000) දිනා ගත්තේය.

සෑම වසරකම රටවල් 88 ක මිලියන 97 ක ජනතාවකට මෙම ආහාර වැඩසටහන තුලින් උපකාර වන බවත් ලොව පුරා පුද්ගලයින් නව දෙනෙකුගෙන් එක් අයෙකුට තවමත් ආහාර ගැනීමට ප්‍රමාණවත් මුදලක් නොමැති බවත් ආහාර වැඩසටහන පවසයි.

උපාලි ජයසිංහ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here