ඝාතනයෙන් කෙළවර වු පුද්ගලික ආරවුල

 

පන්නල පොලිස් වසමේ කැලණියමුල්ල හංදියේ දී පුද්ගලයින් දෙදෙනෙකු විසින් තවත් පුද්ගලයෙකුට තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කර තිබේ.

ඊයේ (08) සවස 3.00ට පමණ පුද්ගලික ආරවලක් මත එම ඝාතනය සිදුව ඇති බව පොලීසිය පවසයි.

එලෙස මිය ගොස් ඇත්තේ 29 හැවිරිදි තෙලඹුගම්මන, යක්විල ලිපිනයේ පදිංචිකරුවෙකි.

පශ්චාත් මරණ පරීක්ෂණ අද (09) සිදුකිරීමට නියමිත අතර මෘත ශරීරය කුලියාපිටිය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබේ.

සිද්ධියට සම්බන්ධ සැකකරුවන් හඳුනාගෙන ඇති අතර ඔවුන් ප්‍රදේශයෙන් පළාගොස් ඇති බව වාර්තා වේ.

සිද්ධිය සම්බන්ධයෙන් පන්නල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here