ඇඳිරි නීතිය ක්‍රියාත්මක ප්‍රදේශවල ආහාර ද්‍රව්‍ය සහ ඖෂධ වෙළඳ සැල් විවෘත කිරීමට අවසර

නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක ප්‍රදේශවල ආහාර ද්‍රව්‍ය සහ ඖෂධ වෙළඳ සැල් අද උදෑසන 8 සිට රාත්‍රි 8 දක්වා විවෘත කිරීමට අවසර ලබා දෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ,නියෝජ්‍ය පොලිස්පති අජිත් ⁣රෝහණ මහතා පවසයි.

ඒ අනුව ෆාමසි, සතොස, සුපිරි වෙළෙඳසැල්, සමුපකාර හා ආහාර ද්‍රව්‍ය බෙදා හරින වෙළඳසැල් පමණක් විවෘත කිරීමට අවසර හිමිවේ.

තමාගේ නිවසේ සිට ලඟම පිහිටි වෙළඳසැලට,නිවසෙන් එක් අයෙක් පමණක් ගොස් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ලබා ගන්නා ලෙස මෙහිදී නියෝජ්‍ය පොලිස්පතිවරයා වැඩිදුරටත් පැවසීය.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here