දාස සමූහ ව්‍යාපාරය මුඛ ආවරණ නිෂ්පාදනයට එක්වෙයි.

දාස සමූහ ව්‍යාපාරය දේශීයව නිෂ්පාදනය කළ ඉහළ ප්‍රමිතියකින් යුතු මුඛ ආවරණ වෙළෙඳපොළට හඳුන්වාදීම ඊයේ (08) රාජ්‍ය විවිධ නීතිගත සංස්ථාවේදී සිදු විය.

මෙම මුඛ ආවරණයේ ස්තර තුනම 25gsm තත්වයෙන් නිෂ්පාදනය කර ඇති අතර මේ සඳහා ජාතික වෛද්‍ය පර්යේෂණ ආයතනයේ සහතිකය හිමිව ඇත.මෙම මුහුණු ආවරණයක උපරිම සිල්ලර මිල රු. 20 ක් වේ.

වෙළෙඳපෙලේ අධික මිල ගණන් යටතේ තත්වයෙන් බාල මුඛ ආවරණ අලෙවි කිරීම නවතාලීමේ විකල්ප ක්‍රමවේදයක් ලෙස රාජ්‍ය අංශය මැදිහත් වී මෙම ව්‍යාපෘතිය හඳුන්වා දුන් බව මෙම අවස්ථාවට එක් වූ වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

මෙම අවස්ථාවට රාජ්‍ය අමත්‍ය ලසන්ත අලගියවන්න, වෙළෙඳ අමාත්‍යංශයේ ලේකම් භද්‍රානි ජයවර්ධන යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here