තවත් 9 කට කොවිඩ්

මිනුවන්ගොඩ කොවිඩ් පොකුරේ තවත් ආසාදිතයින් 9 දෙනෙකු හඳුනා ගත් බව යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

එම ආසාදිතයින්ගෙන් එක් අයෙක් මිනුවන්ගොඩට කර්මාන්ත ශා⁣ලාවේ සේවකයෙක් වන අතර අනෙක් 8 දෙනා ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් වේ.

මේ අතර විදෙස් රටවලින් පැමිණි 4 දෙනෙකුටද කොවිඩ් ආසාදිත බව හඳුනාගෙන තිබේ.

ඒ අනුව අද වන විට මෙරටින් හඳුනාගත් සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 4482 වෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here