පොලිස් බල ප්‍රදේශ 17කට නිරෝධායන ඇඳිරි නීතිය

ගම්පහ පොලිස් කොට්ඨාසයේ පොලිස් බල ප්‍රදේශ 14 ක් හා ජා ඇල ,කඳාන, දිවුලපිටිය ඇතුළු පොලිස් බල ප්‍රදේශ 17 කට නැවත දැනුම් දෙන තුරු නිරෝධායන ඇඳිරි නීතිය පැන වූ බව පොලිස් මූලස්ථානය පවසයි.

 

එම පොලිස් බල ප්‍රදේශ වන්නේ,

ගම්පහ පොලිස් කොට්ඨාසය

ගම්පහ පොලිස් බල ප්‍රදේශය
ගණේමුල්ල පොලිස් බල ප්‍රදේශය
කිරිඳිවැල පොලිස් බල ප්‍රදේශය
දොම්පේ පොලිස් බල ප්‍රදේශය
මල්වතුහිරිපිටිය පොලිස් බල ප්‍රදේශය
මීරිගම පොලිස් බල ප්‍රදේශය
නිට්ටඹුව පොලිස් බල ප්‍රදේශය
පූගොඩ පොලිස් බල ප්‍රදේශය
වේයන්ගොඩ පොලිස් බල ප්‍රදේශය
වීරඟුල පොලිස් බල ප්‍රදේශය
වැලිවේරිය පොලිස් බල ප්‍රදේශය
පල්ලේවෙල පොලිස් බල ප්‍රදේශය
යක්කල පොලිස් බල ප්‍රදේශය

කැලණිය කොට්ඨාසය
ජා- ඇල පොලිස් බල ප්‍රදේශය
කඳාන පොලිස් බල ප්‍රදේශය

මීගමුව කොට්ඨාසය
දිවුලපිටිය පොලිස් බල ප්‍රදේශය

නිරෝධායන ඇඳිරි නීති කාලය තුළදී සියලු දෙනා සිය නිවෙස් තුළම රැඳී සිටිය යුතු බවත් අදාළ කාලය තුළ මෙම ප්‍රදේශවලට ඇතුළු වීම, එම ප්‍රදේශවලින් පිටවීම සම්පූර්ණයෙන් තහනම් වන බවත් පොලිස් මූලස්ථානය නිකුත් කල නිවේදනයේ සඳහන්.

තවද දුර ගමන් සේවා මගී ප්‍රවාහන බස් මෙම ප්‍රදේශ හරහා ගමන් කළ හැකි වුවත් ඉහත සඳහන් බල ප්‍රදේශවල බස් රථ නතර කිරීම, මගීන් නංවා ගැනීම හා මගීන් බැස්සවීම තහනම් වේ.

එසේම මෙම ප්‍රදේශවල පිහිටා ඇති දුම්රිය ස්ථානවල ද මගීන් නැංවිම, බැස්සවීම සඳහා දුම්රිය නැවැත්වීම ද තහනම් වේ.

 

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here