මිනුවන්ගොඩ කොවිඩ් පොකුරේ සමස්ථ ආසාදිතයින් ගණන 708 යි – දිනක් තුල වාර්ථා වූ වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව

මිනුවන්ගොඩ ඇඟළුම් කර්මාන්ත ශාලව ආශ්‍රිත කොවිඩ් පොකුරේ සමස්ථ ආසාදිතයින් ගණන මේ වන විට 708 දක්වා ඉහළ ගොස් තිබේ.

අද දිනයේ කොවිඩ් 19 ආසාදිතයන් 605 ක් වාර්ථා වූ අතර එය එක් දිනක් තුල මෙරටින් වාර්ථා වූ වැඩිම කොවිඩ් 19 ආසාදිතයින් සංඛ්‍යාව වෙයි.

මිනුවන්ගොඩ කොවිඩ් පොකුරේ ව්‍යාප්තිය සැළකීමේදී ගම්පහ දිස්ත්‍රික්කයේ මිනුවන්ගොඩින් පමණක් හඳුණාගත් ආසාදිතයින් ගණන 694 ක් වන අතර මීරිගමින් ආසාදිතයින් තිදෙනෙක්, දිවුලපිටියෙන් ආසාදිතයින් දෙදෙනෙක්, කටානෙන් ආසාදිතයින් දෙදෙනෙක්,කුරුණෑගලින් ආසාදිතයින් දෙදෙනෙක් සහ සීදුව, යාපනය, මොණරාගල, ජාඇළ , මහර ප්‍රදේශවලින් එක් ආසාදිතයෙකු බැගින් හඳුනාගෙන තිබේ.

මේ අතර මිනුවන්ගොඩ කර්මාන්ත ශාලාවේ සියලුම සේවක සේවිකාවන් දිවයිනේ කුමන ප්‍රදේශයක ජීවත්වුව ද නිවසෙන් පිටතට නොයා නිරෝධායනය වන ලෙස යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ඉල්ලීම් කරමින් පවසයි.

දිවුලපිටියේ කොවිඩ් වෛරසය ආසාදනය වූ පාසල් සිසුවිය අධ්‍යාපනය ලැබූ පාසලේ PCR පරීක්ෂණය සිදුකළ 101 දෙනාටම කොවිඩ් ආසාදනය වී නොමැති බව තහවුරු වී ඇතැයි එම ප්‍රදේශය භාර සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීවරයා පැවසීය.

සිසුන් 43ක්,ගුරුවරු හා අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ 58 කුගේ PCRපරීක්ෂණ වාර්තා මෙලෙස සිදුකර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here